2006 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිදු කල නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීම යටතේ හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්ව 2006 අප්‍රේල් 15 දින ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපනය කරන ලදී.
කලින් පැවති හබරාදුව ප්‍රාදේශීය සභාව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් අයත් පළාත් පාලන ආයතනය වූයෙන් ඉමදුව කොට්ඨාසයේ ජනතාවට ප්‍රාදේශීය සභා සේවා ලබා ගැනීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමත් සමඟම බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් හොඳ සේවයක් සපයමින් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට උර දී සිටී.
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් බව පෙනී යන්නේ ගැමි වහරේ එන ඇතැම් කතන්දර මීට සාක්ෂි දරන නිසාය. ඒ ජනප්‍රවාද අතරින් මෙම ප්‍රදේශය දුවවලින් වට වූ නිසා ඉමදුව වූ බව ඇතැමෙක් පවසන අතර ඉම නම් දුව මෙය සොයා ගත් නිසා ද ඉමදුව ලෙස නම් ලැබී ඇති බව පැරැන්නන්ගේ මතයයි.
මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට අයත් පරගොඩ රජ මහා විහාරය හා බැඳුණු නිධාන කථාව දෙවනපෑතිස් රජ දවස දක්වා දිව යයි.එනම් දෙවනපෑතිස් රජතුමා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වූ දෙතිස්ඵල බෝධීන් රැගෙන පැමිණි අවස්ථාවේ ගමන් විඩාව මගහරවා ගැනීමට පරගොඩ රජමහ විහාරස්ථානය පිහිටි ස්ථානයේ රැඳි සිටි බවත් රැගෙන ආ බෝධී අංකුරය ගොඩපර ගසක් යට තැබීමෙන් පසු අද්දවා ඇති එම බොධීය පරගොඩ රජමහ විහාරයේ ඇති බවත් ජනප්රවාදයේ එයි.
එසේම මෙම ප්‍රදේශයේ යුව රජවරු , සෙන්පතිවරු වාසය කල භූමියක් බවත්, ජනවහරේ එයි. මේ නිසා ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බොහෝ ග්‍රාම නිලධාරී වසම් ඓතිහාසික වශයෙන් වැදගත් වේ.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ නියමයන්ට අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කොට ස්ථාපනය කරන ලද නව ප්‍රාදේශීය සභාවකි ඉමදුව ප්‍රාදේශීය සභාව.
හබරාදුව මැතිවරණ කොට්ඨාශය යටතේ ස්ථාපිත මෙම සභාවේ නිල නාමය නිල කාලය සභාපති උප සභාපති ඇතුළුව පත් කර ගතයුතු සභිකයින් සංඛ්‍යාව සභාවට අයත් ග්‍රාම නිලධාරි වසම් පිළිබදව හා සභාවේ පරිපාලන සීමාවන් නියම කරමින් 2005 දෙසැම්බර් මස 01 වන දින අංක 1421/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.
මහජන නියෝජිතයින් පත්කර ගැනීම
2006 මාර්තු මස 30 දින පවත්වන ලද ප්‍රාදේශීය සභා ජන්දය සදහා ඉමදුව කොට්ඨාශය වෙනුවෙන් පක්ෂ 04 කින් අපේක්ෂකයින් 48 දෙනෙක් ඉදිරිපත් වූ අතර ලැබුනු ජන්ද ප්‍රතිඵල මත ඉමදුව ප්‍රාදේශීය සභාවේ ප්‍රථම හා වර්තමාන සභාපති උපසභාපති ඇතුළු සභිකයින් 9 දෙනා පත්කර ගැනීම සිදුවිය.
සංචාරක කර්මාන්තය
සංචාරක කර්මාන්තය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල බහුලව දක්නට නොමැති අතර සංචාරක කර්මාන්තයට අදාල විභවතාවයන් සුළු වශයෙන් දැකිය හැකිය. ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සංචාරක වශයෙන් වැදගත් ප්‍රදේශ වශයෙන් වැදගත් ප්‍රදේශ කිහිපයක් පිහිටා ඇත.
දීගොඩ ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 2ක පමණ විශාලත්වයක් සහිතව මෙම වැව ඉමදුව නගරයේ සිට කි.මී.4ක් දුරින් ද ගාල්ල නගරයේ සිට කි.මී.19ක් දුරකින්ද පිහිටා ඇත. මෙම වැව පෝෂණය වනුයේ එහි පිහිටි දීගොඩ ඇල මඟිනි.
ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි එකම වැව දීගොඩ වැව වීම මෙහි ඇති විශේෂත්වය වේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරගොඩ රජ මහා විහාරය හා බැදුනු නිධාන කථාව දෙවනපෑතිස් රජ දවස දක්වා දිව යයි. එනම් දෙවනපෑතිස් රජතුමා විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර වු දෙතිස්ඵල බෝධින් රැගෙන පැමිණි අවස්ථාවේ ගමන් විඩාව මඟහරවා ගැනීමට පරගොඩ රජමහා විහාරස්ථානය පිහිටි ස්ථානයේ රැඳී සිටි බවත්, රැගෙන ආ බෝධි අංකුරය ගොඩපර ගසක් යට තැබීමෙන් පසු මුල් අද්දවා ඇති එම බෝධිය පරගොඩ රජමහා විහාරයේ ඇති බෝධිය බවත් ජනප්රවාදයේ එයි.
වසර 500 කට වඩා පැරණි බෝධීන් වහන්සේ නමක් මෙහී දැකිය හැක.
වසර 200 කට වඩා පැරණි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි බිතු සිතුවම් දැකිය හැක.
වසර 300 කට වඩා පැරණි නුවර යුගයට අයත් බිතු සිතුවම් දැකිය හැක.
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් වසර 400 කට වඩා පැරණි දැව මුවා පිරිත් මණ්ඩපයක් දැකිය හැක.
කොට්ඨාශයේ උතුරු අර්ධයේ ග්‍රාම නිලධාරී වසම්වල පිහිටා ඇති ස්වාභාවික වනාන්කතර තුල පිහිටි කුඩා ප්‍රමාණයේ ජල මූලාශ්‍ර මෙහි දී වැදගත් වේ.
අභිමානවත් හෙට දිනකට අපේ සහය
පළාත් පලාන ආයතනයක් වශයෙන් , ඉමදුව ප්‍රාදේශීය සභාවඒම බල ප්‍රදේශය තුළ මං මාවත්, මහජන සෞඛ්‍ය හා වෙනත් උපයෝගීතා සේවාවන් සැලසීමේදී මහජනතාවගේ සුඛ විහරණ පහසුව හා සුබසාධනය ඇතිකරනු වස් , ඒකී සේවාවන් නිසි පරිදි සැලසුම්කොට ක්‍රියාත්මක කිරීමෙන් ද ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීම සදහා ක්රියාකිරීමෙන්ද මෙම ප්‍රදේශයේ පවතින භෞතික හා මානව සම්පත් කළමනාකරණය කිරීමද මෙම ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ.
අභිමානවත් ඉතිහාසයකට උරුම කියන්නා වූ ඉමදුව ප්‍රාදේශීය සභා බල
ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය හා සුභ සාධනය සඳහා සුහදශීලී සේවාවක්
ලබා දී ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවමින් ජීවන තත්ත්වය ඉහළ නැංවීම මාගේ ප්‍රධාන අරමුණයි.
දිනෙන් දින සීග්‍ර වේගයෙන් දියුණු වන ලෝකය තුල මෙම ප්‍රදේශයේ පවතින
භෞතික හා මානව සම්පත් කළමනාකරණය කිරිම සදහා තොරතුරු තාක්ෂණය
ද භාවිතා කරමින් කාර්යක්ෂම හා ඵලදායීව අපගේ සියළුම මූලික සේවාවන් සැපයීම තුලින් ජනතාවගේ අවශ්‍යතාවයන් පහසුවෙන් හා අවම කාල සීමාවක් තුල ලබා දීම මා ඇතුළු කාර්ය මණ්ඩලයේ අභිප්‍රායයි.
භූගෝලීය පිහිටීම
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වෙරළබඩ තැන්නට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු සීමාවේ ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත.
ඉමදුව ප්‍රාදේශීය සභාව
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිරපේක්ෂ පිහිටීම
භූමි ප්‍රමාණය
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි.මී.59.5 ( හෙක්ටයාර් 5950 ) කි. එනම් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවට අයත් භූමි ප්‍රමාණයම වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ මුලු භූමි ප්‍රමාණයෙන් 4% ක් තුළ ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යාපත්ව ඇත. දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා සමඟ සසඳා බලන විට විශලත්වයෙන් 13 වන ස්ථානයේ ලා සැලකිය හැකිය.
ග්‍රාම නිලධාරී වසම් 43කින් යුත් ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වසම අනුව බෙදී ඇති ආකාරය පහත ආකාරය පහත ආකෘතිය මඟින් පෙන්නුම් කරයි.
දේශගුණය
ඉමදුව ප්‍රාදේශීය සභා බලප්රෙදේශයේ දේශගුණය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී වර්ෂයේ වැඩි කාලයක් වර්ෂාව සහිත දේශගුණයක් පවතින බව දැක්විය හැක.මෙම කොට්ඨාශයේ වර්ෂාපතන ව්‍යාප්තිය අනුව මි මී.3000- 4000 ත් අතර වර්ෂාපතනක් ලබන අධික සුළං කාල පරිච්ජේදයක් නොමැති මධ්‍යස්ථ දේශගුණ තත්වයක් පවතී.