2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මහජනයාට තොරතුරු වෙත ප්‍රවේශවීම පිණිස ක්‍රියාත්මක වන පනතකි. මෙම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවේ 2016 ජූනි 24 වැනි දිනය. අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරීන් සඳහා මෙම පනත බලගන්වන ලද්දේ 2017 පෙබරවාරි 03 වැනි දින සිටය.
මෙම පනතට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අදාළව ඉදිරිපත්වන ඉල්ලීම් සඳහා රාජ්‍ය අධිකාරීන් දින 14 ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතු අතර, විශේෂ අවස්ථාවන්වලදී ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ කාලසීමාව උපරිම වශයෙන් දින 21 ක් දක්වා දීර්ඝ කරගැනීමට හැකියාව පවතින විධිවিධානයකටද යටත් වේ.
මෙම පනතට අනුව යම් තොරතුරක් ලබාගැනීම වෙනුවෙන් පහත දැක්වෙන පත්‍රිකාව පිරවීම අනිවාර්යය නොවන අතර, ඒ වෙනුවෙන් ලිඛිතව ඉදිරිපත් කරන ලිපියක්, විද්‍යුත් තැපෑල හරහා යොමු කෙරෙන පණිවිඩයක් හෝ වාචිකව ඉදිරිපත් කෙරෙන පණිවිඩයක් වුවද ඉල්ලා සිටින තොරතුරු කවරේද යන්න හඳුනාගැනීමට ප්‍රමාණවත් වේ.
තොරතුරු ලබා ගැනීමට කළ යුතු දේ:
(RTI 01) තොරතුරු ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රයේ ඔබට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ඔබට ලිපියක් හෝ විද්‍යුත් තැපෑලෙන් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ හැක.
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය - RTI 01
තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රයට අනුව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්(RTI 10) අභියාචනා අයදුම්පත්‍රය මගින් නම් කළ නිලධාරීයා වෙත අභියාචනාවක් ඉදිරිපත් කල හැකිය
අභියාචනා අයදුම්පත්‍රය - RTI 10
නම් කරන ලද නිලධාරියාගේ තීරණය ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.