- සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
- මරණ සහතිකයේ මුල් පිටපත (මරණ සහතිකයේ සුසාන භුමියේ නම – “හව්පේ සුසාන භූමිය” ලෙස සදහන් කර තිබිම අනිවාර්යය වේ.)
- පහත සදහන් මරණ සහතික ආකෘති පත්‍ර මගින් පමණක් මෘත දේහ භාර ගැනීම සිදු කරනු ලබයි.
- B18 ආකෘති පත්‍රය
- B16 ආකෘති පත්‍රය
- B20 ආකෘති පත්‍රය
- B77 ආකෘති පත්‍රය
- ඉහත ආකෘතිපත්‍ර වලට අමතරව B12, B16, B17 හා B20 දරණ ආකෘතී මගින් මරණය සනාථ කරන තාවකාලික සහතික නිකුත්කර ඇති අවස්ථාවකදී, සුසාන භූමිය සදහා වූ වෙන් කිරීමේ අයදුම් පතට අමතරව ඒ සදහා වු අමතර අයදුම්පතක් සමග භාර ගනු ලබන අතර, මුල් මරණ සහතිකයේ පසුව සභාව වෙත ඉදිරිපත් කල යුතුය. ( ඉල්ලිම් ලිපියක් සමග )
- සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මරණ සහතිකයේ පිටපත් 01ක් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
- වලවල් බැඳිය නොහැක
සුසාන භූමිය භූමදාන කටයුතු ( වලවල් බැඳිය නොහැක) රු. 2,000.00 (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)