ඉදිකිරීම් හා සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

  • ගොඩනැඟිලි අයදුම්පත් පෝරම ගාස්තු රු.1,000.00

අවශ්‍ය ලිපි ලේඛන

  • අනුමැතිය ලබා ගත යුතු ගොඩනැඟිලි සැලසුමේ පිටපත් 04
  • ඉඩමේ ඔප්පුවේ පිටපත් 02
  • ඉඩමේ පිඹුරුවල පිටපත් 02

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ ක්‍රියාවලියේ පියවර පහත පරිදි වේ.

1. අයදුම්කරුවන් ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත්‍රය සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූමි පරීක්ෂාව සඳහා වන අයදුම්පත්‍රය (NBRO – LAB) ලබා ගැනීමට යොමු කිරීම.

2. අදාල අයදුම්පත්‍ර නිසි ලෙස සම්පූර්ණ කර පහත සැලසුම් පිටපත් සහ පහත ලේඛන සමඟ කඩිනමින් නැවත කාර්යාලයට භාර දීමට උපදෙස් ලබා දීම.

  • අනුමැතිය ලබා ගත යුතු ගොඩනැඟිලි සැලසුමේ පිටපත් 04
  • ඉඩමේ ඔප්පුවේ පිටපත් 02
  • ඉඩමේ පිඹුරුවල පිටපත් 02

3. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර අයදුම්කරුගේ අත්සන් යොදා ඇද්ද යන්නත් එසේම අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කලයුතු ලේඛන සහ සැලසුම් පිටපත් නිවැරදිව ඉදිරිපත් කර ඇද්ද යන්න පරීක්ෂා කර අඩුපාඩුවක් දක්නට නොමැතිනම් පෙරසැරි ගාස්තු සහ භූමි පරීක්ෂාව වෙනුවෙන් වන ගාස්තු තීරණය කිරීම සඳහා අයදුම්පත්‍ර තාක්ෂණික සේවා නිලධාරීන්ට යොමු කිරීම.

4. පෙරසැරි ගාස්තු සහ භූමි පරීක්ෂාව වෙනුවෙන් වන ගාස්තු අය කර ගැනීමෙන් අනතූරුව අදාල අයදුම්පත්‍ර සැලසුම් සහ ලිපි ලේඛන කාර්යාලයට භාර ගැනීම.

5. ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීමේ ලේඛනයට ඇතුලත් කිරීම.

6. භූමි පරීක්ෂාව සඳහා වන වාර්ථා ( NBRO REPORTS ) ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම.

7. භූමි පරීක්ෂණ වාර්ථා ලැබුණු පසුව තාක්ෂණික සේවා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ගොනුව සැලසුම් කමිටුවට යොමු කිරීම.

8. සැලසුම් කමිටු තීරණය අනුව ගොඩනැඟිලි සැලසුම සඳහා අනුමැතිය ලබා දීම.

ඉඩම් අනුබෙදුමක් අනුමත කර ගැනීම

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

ඉඩම් අනුබෙදුම් පෝරම ගාස්තු රු. 500.00

අවශ්‍ය ලිපි ලේඛන

  • අනුමැතිය ලබා ගත යුතු ඉඩමේ මුල් පිඹුර සහ සහතික කල පිටපත් 03
  • ඉඩමේ ඔප්පුවේ පිටපත් 02
  • අදාල ඉඩමට අදාල පැරණි පිඹුරු පවති නම් එම පිඹුරුවල පිටපත්

ඉඩම් අනුබෙදුම් සැලසුම් අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ පියවර පහත පරිදි වේ.

1. අයදුම්කරුවන්ට ඉඩම් අනුබෙදුම් අයදුම්පත්‍රය සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූමි පරීක්ෂාව සඳහා වන අයදුම්පත්‍රය (NBRO – LAD) ලබා ගැනීමට යොමු කිරීම.

2. අදාල අයදුම්පත්‍ර නිසි ලෙස සම්පූර්ණ කර අදාල ස්ථානවල මිනින්දෝරුවරයාගේ (සුදුසුකම් ලත් තැනැත්තා ) හා අයදුම්කරුගේ අත්සන් යොදා ඒ සමඟ පහත සැලසුම් සහ ලේඛන සමඟ කඩිනමින් නැවත කාර්යාලයට භාර දීමට උපදෙස් ලබා දීම.

  • අනුමැතිය ලබා ගත යුතු ඉඩමේ මුල් පිඹුර සහ සහතික කල පිටපත් 03
  • ඉඩමේ ඔප්පුවේ පිටපත් 02
  • අදාල ඉඩමට අදාල පැරණි පිඹුරු පවති නම් එම පිඹුරුවල පිටපත්

3. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර මිනින්දෝරුවරයාගේ සහ අයදුම්කරුගේ අත්සන් යොදා ඇද්ද යන්නත් එසේම අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කලයුතු ලේඛන නිවැරදිව ඉදිරිපත් කර ඇද්ද යනන් පරීක්ෂා කර අඩුපාඩුවක් දක්නට නොමැතිනම් පෙරසැරි ගාස්තු සහ භූමි පරීක්ෂාව වෙනුවෙන් වන ගාස්තු තීරණය කිරීම සඳහා අයදුම්පත්‍ර තාක්ෂණික සේවා නිලධාරීන්ට ‌යොමු කිරීම.

4. පෙරසැරි ගාස්තු සහ භූමි පරීක්ෂාව වෙනුවෙන් වන ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව අදාල අයදුම්පත්‍ර පිඹුරු සැලසුම් සහ අනෙකුත් ලිපිලේඛන කාර්යාලයට භාර ගැනීම.

5. පිඹුරු සැලසුම් අනුමත කිරීමේ ලේඛනයට ඇතුලත් කිරීම.

6. භූමි පරීක්ෂාව සඳහා වන වාර්ථා (NBRO REPORTS) ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම.

7. භූමි පරීක්ෂණ වාර්ථා ලැබුණ පසුව තාක්ෂණික සේවා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ගොනුව සැලසුම් කමිටුවට යොමු කිරීම.

8. සැලසුම් කමිටු තීරණය අනුව පිඹුරු සැලසුම් සඳහා අනුමැතිය ලබා දීම.

අනුකූලතා සහතික නිකුත් කිරීම

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

වර්ග අඩි ප්‍රමාණය මත අය කරනු ලබන ගාස්තුව සභාව විසින් තීරණය කරනු ලබයි.

1. අනුමත සැලසුමේ පිටපතක් සහිතව අනුකූලතා සහතිකය සම්බන්ධයෙන් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට උපදෙස් ලබා දීම.
2. විමර්ශන ගාස්තු අය කිරීම සහ අදාල ඉල්ලීම් ලිපිය භාර ගැනීම.
3. ඉල්ලීම ලේඛන ගත කිරීම.‍
4. තාක්ෂණික සේවා නිලධාරීන්ගේ ස්ථානීය විමර්ශනය
5. තාක්ෂණික සේවා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ගොණුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම.
6. සැලසුම් කමිටු තීරණය අනුව අනුකූලතා සහතිකය නිකුත් කිරීම.

ගොඩනැගිලි සීමා (විථිරේඛා) සහතිකයක් සහ නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත

අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර, පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන,

  • ඔප්පුවේ පිටපත් – 01
  • ඉඩම් සැලැස්මේ පිටපත් – 01

විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ගාස්තු රු.1,000.00

 

විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික නිකුත් කිරිමට අදාල ක්‍රියාවලිය පහත පරිදි වේ.

1. වීථී රේඛා අයදුම් පත්‍රයක් ලබා ගැනීමට යොමු කිරීම.
2. අදාල අයදුම් පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර වීථීරේඛා ලබා ගැනීමට බලාපොරොත්තු ඉඩමේ පිඹුරු සැලසුමේ සහ ඔප්පුවේ පිටපත් සහිතව ප්‍රාදේශීය සභාවට යොමු කරන ලෙස උපදෙස් ලබා දීම.
3. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර අදාල ලේඛන සමඟ එය ඉදිරිපත් කර ඇද්ද යන්න පරීක්ෂා කර බලා අඩුපාඩු දක්නට නොමැතිනම් අයදුම්පත්‍රය අක්කර බදු සහ වරිපනම් බදු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ආදායම්ප රීක්ෂකවරයාට යොමු කිරීම.
4. වීථී රේඛා නිකුත් කිරීමේ ලේඛනයට ඇතුලත් කිරීම.
5. වරිපනම් බදු අක්කර බදු සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් දක්නට නොමැති නම් අයදුම් පත්‍ර තාක්ෂණික සේවා නිලධාරීන්ගේ නිර්දේශයට යොමු කිරීම.
6. අදාල නිර්දේශවලින් අනතුරුව විථි රේඛාව නිකුත් කිරීම.

https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.