පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම සදහා (ඉමදුව බල ප්රදේශයට අයත් පාඨකයින් සඳහා) ගත අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.
- පුස්තකාල සාමාජික අයදුම්පත් ගාස්තු (වැඩිහිටි) – රු. 50.00
- පුස්තකාල සාමාජික ගාස්තු (වැඩිහිටි) – රු. 100.00
- පුස්තකාල සාමාජික අයදුම්පත් ගාස්තු – පාසල් ළමුන් (14 ට අඩු) – රු. 20.00
- පුස්තකාල සාමාජික ගාස්තු (පාසල් ළමුන්) – රු. 100.00
(2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)
ඉමදුව ප්රාදේශීය සභාව යටතේ පහත සඳහන් ස්ථානයන්හි බල ප්රදේශයේ ජනතාව උදෙසා පුස්තකාල සේවා පවත්වා ගනෙ යනු ලබයි. ඉමදුව බල ප්රදේශයට අයත් පාඨකයින් සඳහා සාමාජිකත්වය ලබා ගත හැකි අතර ඕනෑම අයෙකු සඳහා පුස්තකාලයේ පොත් පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.
- ඉමදූව මහජන පුස්තකාලය
- පාංචාලිය මහජන පුස්තකාලය (ඉහත පුස්තකාල විවෘතව පවතින වේලාවන් :- සතියේ දින පහ සහ සෙනසුරාදා පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා.)
- කබරගල මහජන පුස්තකාලය
- අඟුළුගහ මහජන පුස්තකාලය ( ඉහත පුස්තකාල විවෘතව පවතින වේලාවන් :- සතියේ දින පහ පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා.)