පොදු උපයොගිතා සේවා

නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන පවත්වාගෙන යාම

පහත සඳහන් දිනයන්හි දී ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.

  • කෝදාගොඩ ආයුර්වේද මධ්‍යස්ථාන – සඳුදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා ප.ව.12.00 දක්වා
  • පාංචාලිය ආයුර්වේද මධ්‍යස්ථාන – අඟහරුවාදා දින සහ සිකුරාදා
  • ජංගම සේවය –   හටංගල සිරිවර්ධනාරාමය (බදාදා දිනවල දී)

 

 

පුද්ගලයින්ගේ හෝ දේපලවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම.

අදාළ අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ.

  • ගස්වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන මුදල් ගෙවා ලබා ගත් අයදුම්පත සම්පූර්ණ කිරීම.
  • අයදුම්පත් සදහා පහත පරිදි ගාස්තු අයකෙරේ,
    • අනතුරුදායක ගස් පෝරම ගාස්තු – කොස් ගසක් සඳහා – 2,000.00
    • අනතුරුදායක ගස් පෝරම ගාස්තු – පොල් ගසක් සඳහා – 1,500.00
    • අනතුරුදායක වෙනත් ඕනෑම ගසක් සඳහා      –     1,000.00
  • පරිසර නිලධාරී/තාක්ෂණික සේවා නිලධාරී පරීක්ෂා කිරීම.
  • ඉන්පසු අනතුරුදායක ගස් හිමියන්ට කඩිනමින් පලමුවන නියෝගය නිකුත් කිරීම.
  • පළමු නියෝගයට ක්‍රියාත්මක නොවන්නේනම් නම් අවසන් නියෝගය නිකුත් කිරිම.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ සඳහා ඉල්ලුම් පත්‍රයට රු.500.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
  • නව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම සඳහා ගාස්තුවක් අය කෙරේ. (ආයෝජන මුදල අනූව පරීක්ෂණය ගාස්තුව තීරණය වේ.)
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ලෙස රු.4,500.00 සහ රජයේ බදු මුදල් අය කෙරේ. (පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවුරුදු 03ක කාල සීමාවක් සදහා වලංගු වේ.)

අලුතින් බලපත්‍රයක් ලබා ගන්නා විට,

  • අයදුම්පත්‍රය මුදල් ගෙවා ලබා ගෙන නිසි පරිදි සම්පූර්ණ කර,පහත ලේඛන සමඟ අයදුම්පත්‍රය සභාව වෙත භාර දීම.
    • ඔප්පුවේ පිටපතක්
    • මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
    • ඉඩම තමා සතු නොවේ නම් එකඟතාවය පකාශිත ලිපියක්
  • අයදුම්පත්‍රයේ සඳහන් ආයෝජන මුදලට අනුව පරීක්ෂණ ගාස්තුව සභාව වෙත ගෙවීම.
  • ස්ථානීය පරීක්ෂණයට යොමු කිරීම.
  • පරීක්ෂණ වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත සහ බීට්ටු වන නිලධාරී වෙත යොමු කිරීම.
  • නිර්දේශ සහිත ගොනු පරිසර කමිටුවට යොමු කිරීම.
  • බලපත්‍රය ලබා දීමට කමිටු නිර්දේශය ලැබුයේ නම් ගාස්තුව අය කර බලපත්‍රය ලබා දීම.කමිටු නිර්දේශය නොලැබුයේ නම් අවශ්‍ය කොන්දේසි ඉටු කර ගැනීමෙන් පසුව බලපත්‍රය ලබා දීම.

බලපත්‍රය නැවත අලුත් කිරීමේදී ,

  • අලුත් කිරීමේ අයදුම්පත්‍රය පමණක් ලබා ගනී.
  • පරීක්ෂණ ගාස්තුවක් අය නොකරයි.
කසළ බැහැර කිරීම

ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත.

වීථි පහන් නඩත්තු කිරීම

වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව කරන ඉල්ලීම් පිළිබඳවඳ ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.

https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.